ජපානයේ සිය විවාහ උත්සවය අවලංගු කළ බොලම්..
මේ වනවිට සිය පළමු දරුවා බලාපොරොත්තුවෙන් පසුවන ඇමෙරිකානු පොප් ගායිකා කැති පෙරි සමග සිය විවාහය ජපානයේදී එළැඹෙන නොවැම්බර් මාසයේදී පවත්වන්නට සුපිරි ඇමෙරිකානු නළු ඔර්ලන්ඩ් බොලම් මිට සති කිහිපයකට පෙර තිරණය කර තිබුණද පසුව එය අවලංගු කර දමා ඇති බවට තොරතුරු වර්තා වේ.
ඔහු පවසන්නේ මෙසේ තම විවාහය අවලංගු කර දැමිමට හේතුව වී ඇත්තේ කැති පෙරිගේ සෞඛ්‍ය තත්ත්වය හා එම කාලයේදී ඇයට දරුවා ලැබීමට දින නියම වී ඇති නිසාවෙන් බවය. කැති හා බොලම්ගේ විවාහය මේ වසරේ පෙබරවාරි මාසයේදී පවත්වන්නට මුලින් සැළසුම් කර තිබුණි.