ජනවාරියට කල්ගිය '2.0'
දමිළ සිනමාවේ සුපිරි වීරයා ලෙස සැලකෙන රාජිණිකාන්ත් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘2.0’ චිත්‍රපටය මේ වසරේ තිරගත කිරීමට කටයුතු යොදා තිබුණද මේ වනවිට එය ලබන වසරේ ජනවාරි 25 වැනිදා ප්‍රදර්ශනය කරන්නට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ. මෙසේ මෙම චිත්‍රපටය තිරගත කිරීමට කල්ගත වීමට හේතු කිහිපයක් මුලික වී ඇති අතර, ඉන් ප්‍රධානතම හේතුව වී ඇත්තේ එහි සංස්කරණ කටයුතුවලදී චිත්‍රපටයේ අවශ්‍ය කරන දර්ශන කිහිපයක් විනාශවී තිබීම බව සඳහන් වේ. කෙසේ වෙතත්, චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම පවසන්නේ, මෙම චිත්‍රපටය මේ වසරේ තිරගත කිරීමට වඩා ලබන වසරේ තිරගත කිරීම වඩාත් වාසිදායකවී ඇති බවය.