ජනවාරි මාසයේ උපන් බොලිවුඩ් තරු
විද්‍යා බාලන්
1978 ජනවාරි 1 දා කේරළයේ ද්‍රවිඩ පවුලක උපත ලද විද්‍යා බාලන් සම්ප්‍රදායික ඉන්දියානු කාන්තාවක් මෙන් ජීවත් වෙන්නට බොහෝ පි‍්‍රය කරන්නීය. ඇය වැඩිපුරම අ`දින්නට කැමති ඇ`දුම සාරියයි. ගෙදර පිළියෙල කරන කෑම ඇය වඩාත් අගය කරන්නීය. 5’ 4’’ ක් උස ඇය පාවුලෝ කොය්යෝ ගේ පොත් කියවන්නට ද කැමතිය. ඇගේ ලග්නය මකරය.
දීපිකා පදුකෝන්
දීපිකා උපත ලද්දේ 1986 ජනවාරි 5 දාය. ඇය 10 වසරට එන තුරුම ජාතික මට්ටමේ බැඞ්මින්ටන් කි්රඩිකාවකව සිටියාය. පුහුණු භරත නාටිකාංගනාවක ද වන ඇය චිත්‍රපටි නැරඹීම, සංගීතය, කෑම, නිදා ගැනීම විනෝදාංශ කර ගත් තැනැත්තියකි. ඇය වඩාත් පි‍්‍රය කරන්නේ තායි කෑමබීමවලටය. ඇගේ උස 5’ 9’’ ක් වන අතර ඇගේ ලග්නය ද මකරය.
බිපාෂා බාසු
බිප්ස් යන සුරතල් නමින් හැ`දින්වෙන බිපාෂා උපත ලද්දේ 1979 ජනවාරි 7 දාය. පැහැයෙන් කළු නිසා කුඩා කලදී ඇය කැත කෙල්ලෙකු ලෙස හංවඩු ගැසිණි. එහෙත් ඉනික්බිතිව ඇය සුන්දර මෙන්ම සරාගී පෙනුමෙන් ද යුතු ගැහැනියක බවට පත් වූවාය. ආසියාවේ සරාගීම කාන්තාව ලෙස ද කලක් ඇය හැ`දින්විණි. ජීවිතය සැහැල්ලූවෙන් ගත කිරීමට නම් සංගීතයට සවන් දිය යුතු අතර චිත්‍රපටි ද නැරඹිය යුතුයයි ඇය විශ්වාස කරන්නීය. ඇය ද මකර ලග්නයේය.
රීතික් රොෂාන්
රීතික් උපත ලද්දේ 1974 ජනවාරි 10 දාය. කිසිදු දුර්වලතාවක් නැති බොලිවුඞ් නළුවා ලෙස හැ`දින්වෙන ඔහුගේ උස 6’ 2’’ කි. ඔහු ජනපි‍්‍රය වී සිටින්නේ ඩුග්ගු නම් සුරතල් නාමයෙනි. ඔහු ඉන්දියානු කෑමවලට පි‍්‍රය කරන නමුත් තෙල් සහිත ආහාරවලින් වැළකී සිටින්නේය. ඔහු ගේ දකුණතේ මහපටැ`ගිලි දෙකක් තිබේ. ඔහුත් මකර ලග්නයට හිමිකම් කියන්නෙකි.
ඉම්රාන් ඛාන්
1983 ජනවාරි 13 දා උපත ලද ඉම්රාන් ආමීර් ඛාන් ගේ සහෝදරයාගේ පුත්‍රයෙකි. ළමා නළුවෙකු ලෙස ක්ෂේත්රයට එක් වූ ඔහු චිත්‍රපටි දෙකකම ආමීර් ඛාන් ගේ ළමා විය නිරූපණය කළේය. අධ්‍යක්ෂවරයෙකු වීම අරමුණු කරගෙන සිටින ඔහුගේ උස 5’ 9’’ කි. ඔහු ගේ ලග්නයත් මකරය.
ෆර්හාන් අක්තාර්
චිත්‍රපටි ක්ෂේත්රයේ හැම අංශයකටම එක ලෙස දක්ෂ අයෙකුු ලෙස ප්‍රසිද්ධ ෆර්හාන් උපත ලද්දේ 1974 ජනවාරි 9 දාය. ඔහු පළමුව ක්ෂේත්රයට පිවිසියේ අධ්‍යක්ෂවරයෙකු වශයෙනි. ඉනික්බිතිව නළුවෙකු වූ ඔහු පසුව පසුබිම් ගී ගායනයට, තිරකතා රචනයට පමණක් නොව රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නටත් දස්කම් දැක්වූයේය. ඔහු දැන් චිත්‍රපටි නිෂ්පාදනයත් කරන්නේය. ඔහුගේ ලග්නයත් මකරය.