ජනවාරි 27 වැනිදා සිට ‘සහෝ’ ජපානයේ
නිමාව දුටු 2019 වසරේ අගෝස්තුවේදී ප්‍රදර්ශනය කළ සුජිත්ගේ ‘සහෝ’ චිත්‍රපටය ජනවාරි 27 වැනිදා සිට ජපානයේ ප්‍රදර්ශනය වේ. කොරෝනා වයිරසය හේතුවෙන් මෙම චිත්‍රපටය ජපානයේ ප්‍රදර්ශනය කිරීමට පමා කරන බවට මුලින් යෝජනා වී තිබුණද පසුව නියමිත දිනයේදී මෙය ජපානයේ ප්‍රදර්ශනය කරන්නට ‘සහෝ’ නිෂ්පාදක කණ්ඩායම තිරණය කර ඇත.
සුපිරි තෙළිඟු සිනමා නළු ප්‍රභාහස් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 350ක වියදමකින් තැනුවක් වේ. කෙසේ වෙතත්, තිරගත වූ කාල සීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 433ක ආදායමක් උපයාගන්නට සමත් විය. ප්‍රභහාස් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය සඳහා පූජා හෙඩ්න්ග් සමගින් දායක වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.