'ජග්ගා ජාසස්' අසාර්ථකයි
රන්බිර් ඛාන්ගේ නිෂ්පාදනයක් වූ "ජග්ගා ජාසස්" චිත්‍රපටය මේ වනවිට මේ වසරේ තිරගත වූ අසාර්ථක බොලිවුඩ් චිත්‍රපට ගොන්නට වැටි තිබේ. තිරගත වූ පළමු දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 8ක ආදායමක් ලැබුවද මේ වනවිට තිරගත වූ කාලයේදී මෙම චිත්‍රපටයට සොයා ගැනීමට හැකිව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 46ක මුදලකි.
කෙසේ වෙතත්, චිත්‍රපටය සඳහා වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 110ක මුදලකි. එදා මෙදා තුර ඉහළම මුදලක් වියදම් කොට තැනුණ බොලිවුඩ් සිනමා නිර්මාණ අතලොස්සට එක්වූ "ජාග්ගා ජාසස්" චිත්‍රපටය අසාර්ථක වීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන්නක් වී තිබේ. කෙසේ වෙතත්, මේ වනවිට රන්බිර් මෙන්ම කත්‍රිනාද ප්‍රේක්ෂයන්ගේ අවධානයෙන් ගිළිහෙන තරු යුවළක් බවට පත්ව තිබෙන අයුරක් දක්නට ලැබේ. මන්දයත්, කත්රිනා පසුගිය වසරේ රංගනයෙන් දායක වූ චිත්‍රපට රැසක් අසාර්ථක වී තිබෙන අතර, රන්බිර්ද එවැනි අවධානමක සිටින බවක් පෙනේ.