ජංගම දුරකථන තහනම්
ජාන්වී කපුර් සහ ඉෂාන් කත්තර් රඟ පාන ධාදක් චිත්රපටියේ ඡායාරූප කිහිපයක් නිෂ්පාදකයන් නොදැනුවත්ව සමාජ වෙබ් අඩවිවලට නිකුත් වී තිබිණි. මේවා ඉතා වේගයෙන් ලොව පුරා පැතිර ගියේය. ජාන්වී සහ ඉෂාන් පෙනී සිටින එම ඡායාරූප රැගෙන තිබුණේ ජංගම දුරකථනයකිනි. ඒ ගැන උරණ වූ නිෂ්පාදක ශාශනක් කයිතාන් දර්ශන තලයේදී ජංගම දුරකථන භාවිතය තහනම් කළේය.
මවගේ හදිසි අභාවය නිසා ජාන්වී චිත්රපටියේ රගපෑමෙන් ඉවත් වනු ඇතැයි බොහෝ දෙනා අනාවැකි පළ කළහ. එහෙත් ඒවා බොරු කරමින් ඇය සිය 21 වන උපන් දිනයෙන් දින දෙක තුනකට පසුව නැවතත් ධාදක් දර්ශන තලයට ගියාය.
සත්තකින්ම ජාන්වි දිරිය යුවතියකි. මවගේ අවමඟුලින් දින දෙක තුනකට පසුව එළඹුණ උපන් දිනය සමරන්නට ඇය ගියේ අනාථ නිවාසයකටය. එහි නිවැසි මහලූ අය සහ ළමයින් හැපී බර්ත් ඬේ ගීතය ගායනා කරද්දී ඇය සිනාසෙමින් බලා සිටියාය. එහෙත් කේක් එක කැපුවේ ඇස් වසාගෙන මොහොතක් ගත කිරීමෙන් අනතුරුවය. මොන දේ කළේ වී නමුත් අම්මාගෙන් හිස් වූ ලෝකය පුරවන්නට නොහැකි බැව් ඇයට සිහිපත් වූ බැව් නිසැකය.