චුප්කේ චුප්කේ නැවත නිර්මාණය
1975 දී ආදායම් වාර්තා තබමින් තිරගත වූ ක්ලැසික් කොමඩි ගණයට අයිති වූ ජනපි‍්‍රය චිත්‍රපටිය චුප්කේ චුප්කේ නැවත නිර්මාණය පිළිබ`දව සනී ඩියෝල් කතා කරන්නේ එතරම් පැහැදීමෙන් නොවේ.
‘‘ඒ කාලේ හිටිය නළුනිළියෝ කරපු මැජික් එක දැන් අයට කරන්න බෑ කියලා මම හො`දටම දන්නවා.. මම ඒ චිත්‍රපටියට ඇ`ගිලි ගහන්න යන්නෙ නැත්තෙ ඒකයි..’’ සනී ඩියෝල් කියයි.
1975 දී චුප්කේ චුප්කේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ර`ග පෑවේ සනීගේ පියා ධර්මේන්ද්රය. අමිතාබ් බච්චන්, ෂර්මිලා තාගෝර්, ජයා බච්චන්, ඕම් ප්‍රකාශ් අනෙකුත් චරිත ර`ගපෑහ. මෙය චාදෝබේසි නම් බෙංගාලි චිත්‍රපටියේ නැවත නිර්මාණයක් වූයේය. ‘‘ජනපි‍්‍රය පරණ චිත්‍රපටියක් නැවත නිර්මාණය කිරීම නරක දෙයක් නෙමෙයි.. ඒත් ඒකෙන් පරණ නළුනිළියන්ට වගේම කතාවටත් වෙන අසාධාරණය එච්චර හො`ද දේකුත් නෙමෙයි.. ඒ හින්දා මම මගේ තාත්තා ර`ග පෑව කිසිම චිත්‍රපටියක් නැවත නිර්මාණයට දායක වෙන්නෙ නෑ..’’ සනී කියන්නේය.