චීනයේදී කෝටි 100ක් උපයාගත් 'දංගල්'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-17-ent-87

දින දහයක් ගෙවෙද්දී චීනයේදී ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් උපයා ගන්නට අමීර් ඛාන්ගේ ‘දංගල්’ චිත්‍රපටය සමත්ව ඇති බවය වාර්තා වේ. එම ආදායමත් සමග ‘දංගල්’ චිත්‍රපටය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 800 සීමාව ඉක්මවා යන්නට සමත්ව ඇත.

ඒ සමගින් අමීර් ඛාන්ගේම ‘පීකේ’ චිත්‍රපටය උපයා ගෙන තිබු ඉන්දීය රුපියල් කෝටි 790ක මුදලද ඉක්මවා යන්නට මෙම චිත්‍රපටය සමත්ව තිබේ. වර්තමානය වනවිට බොලිවුඩ් චිත්‍රපටයක් උපයාගත් ඉහළම ආදායම මෙය ලෙස ඉතිහාසයට එක්වෙන අතර, චීනයට අමතරව තවමත් ලොවපුරා ප්‍රදර්ශනය වන ‘දංගල්’ චිත්‍රපටය ඉදිරියේදී සිය ආදායම තව තවත් වැඩිකරගනු ඇතැයි වාර්තා වේ.

 

 2017-05-17-ent-89 2017-05-17-ent-88