චීන ජනපතිට අපහාස කළ 'විනී ද පූ' චිත්‍රපටය චීනයේ තහනම් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-16-ent-93

ලොව පුරා සුප්‍රසිද්ධියට පත් කාටූන් චරිතයක් වන ‘විනී ද පූ’ කාටූනය ඔස්සේ නිර්මාණය වන ‘ක්‍රිස්ටෝපර් රොබින්' (Christopher Robin) සිනමාපටය චීනයේ ප්‍රදර්ශනය කිරීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මේ කාරණාව සඳහා හේතු දැක්වීම චීන රජය විසින් ප්‍රතික්ෂේප කිරීමත් බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ. කෙසේ වෙතත් ‘පූ වලසාගේ’ කාටූන් චරිතයේ ඡායාරූප පසුගිය වසරේ සිට සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කිරීමට චීනය කටයුතු කර ඇති බවට පැවසේ. එසේ කිරීමට හේතුව වන්නේ එම කාටූන් චරිතය චීනයේ විවිධ දේශපාලනඥයන්ට සමාන කිරීමයි. මීට විශේෂ හේතුව වන්නේ චීන ජනපති වන පිංජින්ට මෙම කාටූන් චරිතයට සමාන කිරීමයි.

පූ වලසා මෙන්ම එහි තවත් සුප්‍රසිද්ධ චරිතයක් වන ‘ටිගර්’ නම් කොටියා එක්ව ඇවිද යන ඡායාරූපයක් 2013දී ෂි ජින්පින් සහ ඇමෙරිකානු හිටපු ජනපති බරක් ඔබාමා සමග එකට ඇවිද යන ඡායාරූපයක් සමග සංසන්දනය කිරීමද මෙම කාරණාවට හේතු වූ බව ඇතැම්හු පවසති. 2014 වසරේදී ෂී ජින්පින් ජපාන අගමැතිවරයා වන ෂින්සෝ අබේ අතට අතදෙන ඡායාරූපයකට පූ වලසා සහ ඊයෝර් නම් බූරු පැටවා අතට අතදෙන ඡායාරූපයක් සමග සමාන කර තිබේ. එම ඡායාරූපය ඉමත් ප්‍රසිද්ධියට පත් වූ නමුත් වැඩි කලක් ගතවීමට ප්‍රථමයෙන් එම ඡායාරූප ඔස්සේ නිර්මාණය වූ අනෙකුත් ඡායාරූපද සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කිරීමට සහ අවහිර කිරීමට චීන බලධාරීහු පියවර ගත්හ.

2015දී චීන ජනාධිපති ෂී ජින්පින් මෝටර් රථ ප්‍රදර්ශනයකදී සෙල්ලම් කාරයක අසල සිටිමින් ලබාගත් ඡායාරූපයක් ‘විනීද පූ’ කාරයක නැගී සිටින ඡායාරූපයකට සමාන කිරීම හේතුවෙන් එම ඡායාරූපය චීනයේ වැඩිම පරීක්ෂාවට ලක් වූ ඡායාරූපයද විය. එමෙන්ම එම කාරණාව පිළිබඳව සොයා බැලීමට පත් කරනු ලැබූ විශ්ලේෂණ ආයතනයක් වන්නේ 'ග්ලෝබල් රිස්ක් ඉන්සයිට්ස්' (Global Risk Insights) ආයතනය බවටද සඳහන් වේ.

බ්‍රිතාන්‍ය ජාතික ප්‍රහසන නළුවෙකු වන ජෝන් ඔලිවර් ඔහුගේ වැඩසටහනකදී ජනපති ෂී ජින්පින් සහ චීනය විවේචනය කළ අතර, මෙහිදී පූ වලසා සමග සංසන්දනය කිරීම පිළිබඳව ඔහු කරුණු දක්වා තිබිණි. මෙම සිදුවීමෙන් පසුව ජෝන් ඔලිවර් සහ ‘HBO ආයතනයේ වෙබ් අඩවි නිරන්තරයෙන් චීන රජය මගින් පරීක්ෂා කිරීම සිදු කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

විශ්ලේෂණ ආයතනයක් වන ‘ග්ලෝබල් රිස්ක් ඉන්සයිට්ස්’ (Global Risk Insights) ආයතනය මේ පිළිබඳව පවසා ඇත්තේ චීන ජනපතිගේ ගෞරවයට දැඩි හානි සිදු කිරීමට ගත් උත්සාහයක් හේතුවෙන් මෙලෙස මෙම චිත්‍රපටය චීනයේ තහනම් කිරීමට මූලික වූ බවයි. කෙසේ වුවත් මෙම චිත්‍රපටය තිරගත කිරීමට එම චිත්‍රපට සමාගම විසින් නැවත චීන රජය සඳහා ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බවටද වාර්තා වේ.

 

2018-08-16-ent-89  2018-08-16-ent-92 2018-08-16-ent-91 2018-08-16-ent-90