චීන චිත්‍රපට අතරට 'හින්දි මිඩියම්'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-11-ent-65

මේ වනවිට චිනයේ අති සාර්ථකව ප්‍රදර්ශනය වන ඉර්ෆාන්ගේ ‘හින්දි මිඩියම්’ දින 5ක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 138ක මුදලක් සොයා ගැනීමට සමත්ව ඇත. පසුගිය වසරේ ඉන්දියාවේ ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය එහිදි උපයාගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 68ක මුදලකි. ඉන්දීය රුපියල් කෝටි 23ක් වැනි අඩු මුදලකින් තැනුණ මෙම චිත්‍රපටය දැනට උපයාගෙන ඇති මුළු මුදල ඉන්දීය රුපියල් කෝටි 260ක් බව සඳහන් වේ.

‘හින්දි මිඩියම්’ චිත්‍රපටයේ දෙවැන්නක්ද මේ වනවිට නිර්මාණය කරන්නට මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ බුෂන් කුමාර් හා කිෂන් කුමාර් දෙදෙනා තිරණය කර තිබෙන අතර, ඉර්ෆාන් ඛාන් මේ වනිවට රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් චිත්‍රපටය නිර්මාණය කරන්නට ගත් තිරණය මේ වනවිට අවලංගු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.