චිත්‍රපටයක් හේතුවෙන් මරණ තර්ජන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-13-ent-23

ඇමෙරිකානු රූපවාහිනි නිෂ්පාදකයෙකු වන මාර්ක් ගෝර්ඩන් හට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. එයට හේතුව වන්නේ ඔහු විසින් නිෂ්පාදනය කරනු ලබන එක්තරා නිර්මාණයක් හේතුවෙනි. ‘ඕල් ඇමෙරිකන් මර්ඩර්’ නමින් සිදුකිරීමට යන චිත්‍රපටය හේතුවෙනි. මෙම සිනමා නිර්මාණයන් ඇමෙරිකාවේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකු වූ ආරොන් හර්නැන්ඩස් ගේ ජීවිතය තේමාකරගත් නිර්මාණයක් බවයි සඳහන් වෙන්නේ. මීට පෙර මොහුගේ ජීවිත කතාව ඇසුරෙන් ග්‍රන්ථයක් එළිදක්වා තිබේ.

1898 වසරේ උපන් ඔහු පාපන්දු ක්‍රිඩාදිවියට සමු දෙන්නේ ඔඩින් ලොයිඩ් නැමැත්තාගේ ඝාතනයෙන් පසුවයි. සැකපිට අත්අඩංගුවට පත් වූ ඔහු පසුගිය වසරේ සියදිවි හානිකර ගනු ලැබීය. මෙම කාරණාව හේතුවෙන් නිර්මාණය කිරීමට මාර්ක්ට මෙන්ම තවත් සිනමා නිෂ්පාදකවරයෙකු වන ටොඩ් ගුසීගේ හටද අවශ්‍යතාව තිබෙනව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මේ හේතුවෙන් තමන්ට මරණ තර්ජනයන් එල්ල වන්නේ ටොඩ් ගෙන් බවයි ඔහු පවසා ඇත්තේ.