චිත්රපටය පෙන්වන්නේ නැතුව සල්මාන් කනස්සල්ලෙන්
මේ වසරේ ප්රදර්ශනය කිරිමට සූදානම් කර තිබුණ තම චිත්රපට කිහිපයක්ම ප්රදර්ශනය කිරීමට නොහැකි වීම පිළිබඳව සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන් කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වෙයි. මේ වනවිට වැඩ සියල්ල නිම කර ඇති ප්රභුදේවා අධ්යක්ෂණය කළ ‘රාධේ’ සල්මාන් ඛාන්ගේ මිළඟට ප්රදර්ශනය කිරිමට නියමිත චිත්රපට අතරේ මුල්තැනේ පසුවෙයි.
ඊට අමතරව තවත් චිත්රපට කිහිපයකම රූපගත කිරිම් සඳහා එක්ව සිටින සල්මාන් ඛාන් මේ වසරේ ඔහුගේ චිත්රපට හතරක් ප්රදර්ශනය කරන්නට සූදානම් කර තිබුණ බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, සල්මන් පවසන්නේ තම චිත්රපට ප්රදර්ශනය කිරිමට නොහැකි වීම තම සිනමා ජිවිතයට විශාල පාඩුවක් බවය.