චිත්රපට රූපගත කිරිම් අතරේ උපන්දිනය සමරයි
බොලිවුඩයේ නැගී එන තරු අතරේ ඉදිරියෙන්ම සිටින සාරා අලී ඛාන් මේ දිනවල බැංකොක්හි රූපගත කෙරෙන ‘කුලී නම්බර් වන්’ චිත්රපටයට එක්ව සිටියි. පසුගියදා ඇයගේ 24 වැනි උපන්දිනය සමරනු ලැබීය.
සාරාගේ වර්තමාන පෙම්වතා වූ සිනමා නළු කාර්තික් ආර්යන් ඇයටද නොදන්වා බැංකොක් නගරයට ගොස් තිබුණ අතර, චිත්රපටය රූපගත කිරිම් අතරතුරදීම සාරාගේ උපන්දිනය ගත් බව වාර්තා වන්නේය. එමෙන්ම මෙම උපන්දින සාදයට වරූන් ධාවන් හා ඔහුගේ පෙම්වතිය වන නතාෂා දලාල්ද එක්ව සිටි බව සඳහන් වේ.