චිත්ර අඳින යොවුන් බොලිවුඩ් සිනමා නිළිය
මේ දිනවල අන්තර්ජාලය තුළින් නරඹන්නට හැකි ‘ගුන්ජනා සක්සේනා - ද කාර්ගිල් ගර්ල්’ චිත්රපටයේ ප්රධාන නිළ චරිතයට පණ පොවන යොවුන් බොලිවුඩ් සිනමා නිළි ජාන්වී කපූර් විනෝදාංශයට චිත්ර අඳින බව පවසා තිබේ.
ඇය විසින් චිත්රයට නගා ඇති රූප බොහෝමයක් සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුමට එක්කොට ඇති අතර, ජාන්වි පවසන්නේ තමාට රංගන හැකියාව මෙන්ම චිත්ර ඇදිමේ හැකියාවද උපතින්ම පිහිටා ඇති බවය. ‘කොරෝනා’ වසංගතයට ඉන්දියාව පුරා වර්ධනය වෙද්දි ගෙදරට සිමා වූ කාලයේදී මෙම චිත්ර සියල්ලම තමා විසින් නිර්මාණය කළ බවත් ඇය පවසා තිබෙයි.