චැඩ්වික්ගෙන් ගිළිහුණ හොඳම නළුවා සම්මානය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ පිළිකාවක් නිසාවෙන් මිය ගිය චැඩ්වික් බොස්මන්ට හිමිවෙනු ඇතැයි බොහෝ දෙනෙකු අකුමන කළ වසරේ හොඳම නළුවා සම්මානය මෙවර දිනා ගැනීමට සමත් වූයේ ඇන්තනි හොප්කින්ස් විසිනි. ඒ ‘ද ෆාදර්’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය.

83 වැනි වියෙහි පසුවන ඇන්තනී හොප්කින්ස් ‘ඔස්කා’ සම්මානයක් දිනගත් දෙවැනි අවස්ථාව මෙය විම විශේෂත්වයකි. ඔහු මීට පෙර 1993 වසරේදී ‘ද සයිලන්ස් ඔෆ් ද ලැම්බ්ස්’ චිත්‍රපටයේ කළ රංගනය හරහා හොඳම නළුවා බවට පත් විය. එමෙන්ම ඔහු ඊට පසුවද අවස්ථා ත්‍රිත්වයකදිම වසරේ හොඳම නළුවා ලෙස ‘ඔස්කා’ සම්මාන උළලේදී නිර්දේශ වී තිබුණි.

Anthony Hopkins 20210428anthony (2)