චාර්ලිස් තෙරොන් නැවතත්
2017 වසරේ තිරගත වූ ‘ද ෆ්ලෙට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපටයේ දුෂ්ට චරිතය නිරූපණය කළ සුපිරි හොලිවුඩ් සිනමා නිළි චාර්ලිස් තෙරොන් නැවතත් ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවට එක්වීමට සූදානමින් සිටින බව සඳහන් වේ.
කෙසේ වෙතත්, චාර්ලිස් පවසන්නේ 2020 වසරේ මැයි 22 වැනිදා තිරගත වන ‘Fast and the Furious 9’ චිත්‍රපටයේදී එය එසේ සිදු නොවන බවය. ඇය සිය ‘ටිවිටර්’ ගිණුම හරහා රසිකයන් දැනුම්වත් කර ඇත්තේ තමාට එම චිත්‍රපටය සඳහා තවමත් ආරාධනා කර නොමැති බවය. කෙසේ වෙතත්, ඇය පවසන්නේ ඉදිරියේදී යළිත් වරක් මෙම චිත්‍රපටයට සම්බන්ධ වීමට තමා කැමැත්තෙන් පසුවෙන බවය.