‘චාර්ලිස් එන්ජල්ස්’ අලුත් එක සාර්ථකද?
ලොවපුරා අතිශය ජනප්රිය වූ ‘චාර්ලිස් එන්ජල්ස්’ චිත්රපට මාලාවේ අලුත්ම කතාව ඇතුළත් ‘චාර්ලිස් එන්ජල්ස්’ චිත්රපටය මේ වනවිට ලොවපුරා අති සාර්ථකව ප්රදර්ශනය වන්නකි. සුපිරි හොලිවුඩ් සිනමා නිළි එළිසබෙත් බැන්ක්ස් විසින් අධ්යක්ෂණය කරන මෙම චිත්රපටය ‘කොළොම්බියා පික්චර්ස්’ චිත්රපට සමාගමේ බෙදාහැරිමක් වේ.
මෙම චිත්රපටයේ ප්රධාන කාන්තා චරිත ත්රිත්වය නිරූපණය කරනු ලබන්නේ ක්රිස්ටීන් ස්ටුවර්ට්, නයෝමි ස්කොට්, ඊලා බැලැන්ස්කාය. ඔවුන්ට අමතරව චිත්රපටය අධ්යක්ෂණය කරන එළිසබෙත් බැන්ක්ස්, ෆ්රැටික් ස්ටුවර්ට්, සැම් ක්ලිෆන්ය. මීට පෙර නිර්මාණය වූ ‘චාර්ලිස් එන්ජල්ස්’ චිත්රපට මෙන්ම මෙම චිත්රපටයේද කතා මාලාව දිව යන්නේ සටන්කාමි තරුණියන් තිදෙනෙකු අපරාධ චෝදනා ලද මැර පිරිසක් කොටුකර ගැනීමේ සිදුවීමක්ය. ඇමෙරිකානු ඩොලර් මිලියන 43ක වියදමකින් තැනුණ මෙම චිත්රපටය පසුගිය නොවැම්බර් 15 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්රදර්ශනය ආරම්භ කරනු ලැබීය. මේ වනවිට මෙම චිත්රපටය සිය වියදම් මුදල ඉක්මවා ආදායම් උපයා ගැනීමට සමත්ව ඇත.