ගෝවින්දගේ සික්ස් පැක්
90 දශකයේ බොලිවුඩ්යේ ජනප්‍රියතම නළුවා බවට පත්ව සිටි ගෝවින්දා මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය සඳහා සූදානම් වෙමින් සිටින බව සඳහන් වේ. අභිෂේක් ඩෝග්රා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘ෆෙරිඩේ’ හාස්‍යමය චිත්‍රපටය ගෝවින්දා රඟන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වී ඇත. පසුගියදා අන්තර්ජාල වෙබ් අඩවියක ගෝවින්දාගේ අලුත්ම ශරීරයේ ස්වරූපය සහිත ඡායාරූපයක් පළ කොට තිබුණ අතර, ගෝවින්දා පවසන්නේ තම අලුත්ම චිත්‍රපටය වෙනුවෙන් සිය ශරීරය මෙසේ වෙනස් කරගත් බවය. ‘ෆෙරිඩේ’ චිත්‍රපටය දින 35ක් තුළ රූපගත කර අවසන් කරන්නට නියමිත අතර, එහි සියලු වැඩ දිල්ලි නගරය ආශ්‍රිතව සිදු කරන බවද සඳහන් වේ.