'ගෝල්ඩ්' එක්ක 'චක්දේ ඉන්දියා' සසදන්න එපා
අගෝස්තු 15 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්රදර්ශනය වීඹට නියමිත රීමා කගාතිගේ ‘ගෝල්ඩ්’ චිත්රපටය හා 2007 වසරේ තිරගත වූ සමිත් අමීන්ගේ ‘චක්දේ ඉන්දියා’ චිත්රපටය කිසිසෙත් සංසන්දනය කරන්නට එපා බව ‘ගෝල්ඩ්’ චිත්රපටයේ ප්රධාන නළු චරිතයට පණ පොවන ආක්ෂේ කුමාර් සිය රසික, රසිකාවියන්ට ඉල්ලීමක් කර ඇත.
චිත්රපට දෙකම ‘හොකී’ ක්රීඩාව පදනම් කරගෙන නිර්මාණය වී ඇතිමුත් මෙහි කතාව ‘චක්දේ ඉන්දීයා’ චිත්රපටයේ කතා තේමාවට වඩා වෙනස් බව ඔහු පවසා ඇත. කොටින්ම එය අමීර්ගේ ‘ලගාන්’ චිත්රපටය හා සුශන්ත්ගේ ‘එම්.එස්. දෝනි’ චිත්රපටය මෙන් කතා දෙකක් බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.