‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ ට අත්සන් ලක්ෂ ගණනක පෙත්සමක්
‘ගේම් ඔෆ් ත්‍රෝන්ස් 8’ ප්‍රතිනිර්මාණය කරන්නැයි ඉල්ලන පෙත්සමට අත්සන් ලක්ෂ ගණනක් එක් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එයට හේතුවූයේ පසුගියදා විකාශය වූ ‘The Bells’නම් කතාංග හේතුවෙනි. එහි තිරරචනය අසාර්ථක බැවින් මෙලෙස පෙත්සමකට ලක්ෂ ගණනින් අත්සන් තබා තිබේ.
ඒ අනුව කතා මාලාව පිළිබඳ අසතුටින් පසුවන රසිකයින් හාර ලක්ෂයකට අධික පිරිසක් මේ වනවිට පෙත්සමට අත්සන් තබා ඇති අතර අත්සන් ලක්ෂ 05ටත් ඉක්මනින් ළඟා වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට අත්සන් තැබීමට හේතු ලෙසින් බොහෝ දෙනෙකු දක්වා තිබුණේ කතාව ඉක්මනින් ඇදගෙන යාම, කතාවේ සන්ධිස්ථාන නිසියාකාරව සකස් කර නොතිබීම වැනි පොදු කරුණු ය. බොහෝ දෙනෙකු මෙම කතාංගය වසර 08ක සිටි කාලයක නැරැඹීමත් මෙයට හේතු වී තිබේ.