‘ගේම් ඔෆ් ත්‍රොන්’ හැඩ කරන එමිලියා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ අද වන විට ලෝකයේ බොහෝ රසිකයන් වැලඳගත් හොලිවුඩ් කතාමාලවකි. තාත්ත්විකත්වයෙන් ඔබ්බට නිර්මාණය වූ ෆැන්ටසි ප්‍රභේදයට අයත් ඇමරිකානු රූපවාහිනී ටෙලිනාට්‍යයක් වන මෙය HBO නාළිකාව සඳහා ඩේවිඩ් බෙනියෝෆ් සහ ඩබ්. බී. වෙයිස් විසින් නිර්මාණය කරන ලදී. මෙම ටෙලිනාට්‍ය මාලාව ජෝර්ජ් ආර්.ආර් මාටින් විසින් රචනා කරන ලද 'අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆය(ර්)' ෆැන්ටසි නවකතා මාලාවේ රූපවාහිනී අනුනිර්මාණයක් බවයි සඳහන් වන්නේ. එම නවකතා මාලාවේ පළමුවැන්න 'අ ගේම් ඔෆ් ත්‍රෝන්ස්' නම් වේ. බෙල්ෆාස්ට් නුවර චිත්‍රාගාරයකදී මෙන්ම ක්‍රොඒෂියාව, අයිස්ලන්තය, මෝල්ටාව, මොරොක්කෝව, උතුරු අයර්ලන්තය, ස්පාඤ්ඤය, ස්කොට්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල විවිධ ස්ථානයන්හී මෙහි රූගත කිරීම් සිදුකර තිබේ. මෙහි පළමු දර්ශනය 2011 අප්‍රේල් 17 දින HBO නාළිකාවේ විකාශය විය.

20170904Emiliya-1

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ සඳහා වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් ලබාගැනීමට HBO නාළිකාවට හැකිවී තිබේ. එමෙන්ම මෙම කතා මාලාවට ඉතා පුළුල් සහ සක්‍රීය ජාත්‍යන්තර රසික පිරිසක්ද සිටී. මෙම කතාමාලාවේ නිතර නිතර යොදාගන්නා අසභ්‍යත්වය, ප්‍රචණ්ඩත්වය සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සඳහා විවේචන එල්ල වී තිබුණද, මෙහි රංගනය, සංකීර්ණ චරිත, කතාන්දරය, විෂය ක්ෂේත්‍රය සහ නිෂ්පාදන අගයන් පිළිබඳ විචාරකයන්ගේ ඉමහත් ගෞරවනීය ප්‍රශංසාව හිමිව තිබේ. 2015 වසරේ හිමිකරගත් කැපී පෙනෙන ටෙලිනාට්‍ය මාලාව සඳහා වන ප්‍රයිම් ටයිම් එමී සම්මානයද, එක් වසරකදී ටෙලිනාට්‍ය මාලාවක් විසින් ලබාගත් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව ලෙස වාර්තාවක්ද තබමින් සහ ඊට අමතරව එමී සම්මාන 26ක් හිමිකරගෙන ඇති මෙම කතා මාලාව, තවත් බොහෝ සම්මාන දිනාගැනීමට හා ඒවාට නිර්දේශ වීමට වරම් ලබා ඇත. හොඳම නාට්‍යමය ඉදිරිපත්කිරීම සඳහා වන හියුගෝ සම්මාන තුනක්, පීබෝයි සම්මානයක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා නාම නිර්දේශ දෙකක්ද මෙම කතා මාලාවට හිමිව තිබේ. මෙම ටෙලිනාට්‍ය මාලාවේ ටිරියන් ලැනිස්ටර් නමැති චරිතයට පණ පොවන පීටර් ඩින්ක්ලේජ් විසින් එමී සම්මාන දෙකක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක්ද දිනාගෙන ඇත.

පසුගියදා මෙහි හත්වැනි කතාමාලාව ආරම්භ විය. මෙම 07 වැන්න රූගත කිරීම් ආරම්භ කරනු ලැබුවේ 2016 අගෝස්තු මාසයේදීය. මෙම කතාමාලාවේ ප්‍රධාන චරිතයක් වන ඩැනේරිස් ටැගේරියන් චරිතය හැඩකරන එමිලියා ක්ලාක්ර් තමන්ගේ අමිහිරි සිදුවීම් පිළිබඳ ප්‍රකාශකර තිබුණි. එක් රූගත කිරීමකදී නාඹර අශ්වයෙකුගේ හදවතක් අනුභව කිරීමේ අවස්ථාවකදී ඒ සඳහා යොදා ඇත්තේ ජෑම් වර්ගයකි. එහි රසය අප්‍රිය වීමෙන් දින කිහිපයක් අසනීප වූ බවද ඇය පවසයි. එය ‘ඩොත්රැකි’ නම් වූ ජන වර්ගය විසින් අනුගමනය කරන ලද ඉපැරිණි චාරිත්‍රයක් බවයි සඳහන් වන්නේ. එවැනි සිදුවීම් ගණනාවක් මෙම රූගත කිරීම් තුළදී ඇයට සිදුවූ බවයි ඇය පවසන්නේ.

20170904Emiliya-2

කෙසේවුවත් එමිලියා රංගනයට පිවිසෙන්නේ මීට අවුරුදු කිහිපයකට පෙරයි. ඒ 2009 වර්ෂයේදී විකාශනය වූ ‘ඩොක්ටර්ස්’ නම් වූ රූපවාහිනී කතාමාලාව මගිනි. ඉන්පසු ඇය 2010 වර්ෂයේදී ‘ට්‍රියාසික් ඇටෑක්’ නම් රූපවාහිනී කතාමාලාව සඳහා දායක වූවාය. ඇයගේ රංගන ජීවිතය වෙනස් කරනු ලබන නිර්මාණය වන්නේ 2011 වර්ෂයේදී ආරම්භ වූ ‘ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස්’ රූපවාහිනී නිර්මාණයයි. ඇය මුල් නිර්මාණයේ සිට මේ දක්වා එහි ප්‍රධාන චරිතය හැඩකරයි. එමිලියා සිනමාවට පිවිසෙන්නේ 2012 වර්ෂයේදී තිරගත වූ ‘ස්පයික් අයිලන්ඩ්’ නම් සිනමා නිර්මාණය හරහායි. එම වර්ෂයේදීම ඇය තවත් සිනමා නිර්මාණයක් සඳහා දායක වී තිබේ. ඒ ‘ශැක්ලඩ්’ නම් චිත්‍රපටයයි.  2013  ‘ඩොම් හමින්ග්වේ’ චිත්‍රපටය සඳහාද එමිලියා දායක විය. 2015 වර්ෂයේදී ඇයගේ සිනමා ජීවිතයේ වෙනස්ම මාවතක් විවර කරනු ලැබූ චිත්‍රපටයක් වන්නේ ‘ටර්මිනේටර් ජීනියස්’ චිත්‍රපටයයි. එමෙන්ම මෙම වර්ෂයේදී එමිලියා රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණයන් දෙකක් තිරගත වීමට නියමිත අතර, රූපවාහිනී කතාමාලාවන් දෙකක් විකාශනය වෙමින් පවතී.