‘ගුල්ලු බෝයි’ ලබන වසරට කල් යයි
සෝයා අක්තාර් විසින් නිර්මාණය කරන්නට අදහස් කරමින් සිටින ‘ගුල්ලු බෝයි’ චිත්රපටය වැඩ කටයුතු කල්ගත වූ බව අනාවරණය වෙනවා. මෙම චිත්රපටයේ වැඩකටයුතු ප්රමාද වීමට හේතුවී ඇත්තේ මෙහි ප්රධාන නිළි චරිතයට පණ පොවන ආලියා භාට් මෙන්ම නළු චරිතයට පණ පොවන රන්වීර් සිං කාර්යබහුල වීමයි.
ආලියා සිය අලුත්ම චිත්රපටයේ වූ ‘බද්ර්රිනාත් කී දුල්හානියා’ හා රන්වීර් සිං රංගනයෙන් දායක වන ‘පද්මාවති’ චිත්රපටහි රූප ගත කිරීම් මේ දිනවල සිදුවෙන බැවින් ඔවුන් මෙසේ කාර්යබහුල වී තිබෙනවා. රන්වීර් සිං මෙම ‘ගුල්ලු බෝයි’ චිත්රපටයේ සමලිංගික තරුණයෙකු ලෙස රංගනයෙන් එක්වීමට නියමිතව තිබෙනවා.