Saaravita.lk|| ගුරුවරුන්ට හිසරදයක් වූ දීපිකා

ගුරුවරුන්ට හිසරදයක් වූ දීපිකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-936

කියන දේ නාහන සිසුන් ගුරුවරුන්ට හිසරදයක් වන බැව් නොකිවමනාය. ඔවුහු හැම විටම එම සිසුන්ට අවවාද දෙති. අවවාද පිළිපදින්නේ නැත්නම් ද`ඩුවම් ද දෙති. දෙමව්පියන්ට පැමිණිලි කරන්නේ කිසිම ආකාරයකින් හික්මවා ගත නොහැකි වුවහොත්ය.

පාසල් වියේදී කී‍්‍රඩාවට බොහෝ දස්කම් පෑවේ වී නමුත් දීපිකා පදුකෝන් ගුරුවරුන්ට හිස රදයක් වූ බැව් ගුරුවරු ඇගේ වාර්තා පොතේ තබා ඇති සටහන්වලින් පැහැදිලි වේ. පසුගිය දිනෙක ඇය මේ සටහන් සමාජ වෙබ් අඩවියක පළ කර තිබිණි.

‘‘දීපිකා දවල් සිහින දකින්නියක්..’’

එක් ගුරුවරයෙකු එවන් සටහනක් යොදා තිබිණි.

‘‘දීපිකා උපදෙස් පිළිපදින්නට ඉගෙන ගත යුතුයි..’’

තවත් ගුරුවරයෙකු සටහන් කර තිබුණේ එසේය.

‘‘දීපිකා පන්තියේදී කතා කරනවා වැඩියි..’’

වාර්තා පොතේ එවන් සටහනක් ද තිබිණි.

මේ සියල්ලටම ඇගේ සැමියා රන්වීර් සිං උපහාසාත්මක පින්තූරවලින් ප‍්‍රතිචාර දක්වා තිබුණේ අනෙක් අය ද සිනා ගන්වමිනි.

‘‘දැන් ජනපි‍්‍රය නිළියක් වුණත් ඒ කාලයේ ඇය සාමාන්‍ය පාසල් සිසුවියක් විතරයි.. ’’ සමහරු කියා තිබුණේ එසේය.

ඇය ඉදිරියේදී ර`ග පාන්නට නියමිතව සිටින්නේ මේග්නා ගුල්සාර්ගේ චාපාක් චිත‍්‍රපටියේය. ඇසිඞ් ප‍්‍රහාරයකින් පසුව දිවි බේරා ගත් ලක්ෂ්මි අගාර්වල්ගේ කතාව මෙම චිත‍්‍රපටියට පාදක වී තිබේ. මෙහි ප‍්‍රධාන නළු චරිතය හිමි වී ඇත්තේ වික‍්‍රන්ත් මැසීටය. එය 2020 ජනවාරි මාසයේදී තිරගත වෙන්නට නියමිතය.

83 ලෙසින් නම් කර ඇති ඊ ළ`ග චිත‍්‍රපටියේ දීපිකා ර`ග පාන්නේ රන්වීර් සිං සම`ගමය. මෙහි දිග හැරෙන්නේ ඉන්දියාවේ හිටපු කි‍්‍රකට් නායක කපිල් දේව්ගේ ජීවිත කතාවය.