ගුරුන්ගේ ආශීර්වාදය පතන මනීෂා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-17-ent-44

ඕනෑම කෙනෙකුට ඕනෑම වැඩක් පටන් ගන්නට පෙර ආශීර්වාද ලබා ගැනීම සදහා ගුරුවරයෙකු සිටිය යුතු බැව් මනීෂා කොයිරාල පවසයි. ගුරු පූර්ණිමා චිත‍්‍රපටියේ ර`ග පාන මේ හතළිස් හය හැවිරිදි නිළිය මෙසේ පැවසුවේ එහි ප‍්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමිනි.

‘‘ ඕනම කෙනෙක් වැඩක් පටන් ගන්න ඉස්සර වෙලා අවංක ආශීර්වාදයක් ලබා ගන්න ඕන.. හිතේ සාමයෙන්, සහනයෙන් ඒ දේ කරන්න පුළුවන් වෙන්නෙ එතකොට.. මම මගේ ගුරුවරුන්ගෙන් ආශි්ර්වාද ලබා ගන්න යන තැන් දෙකක් තියනවා.. එකක් චෙන්නායි කිට්ටුව තියෙන විශ්ව විද්‍යාලයක්.. අනිත් තැන හරිද්වාර්.. එහි ඉන්න සාධුවරයන්ගේ ආශීර්වාදය මට හු`ගාක් වටිනවා..’’ ඇය කියයි.

පසු ගිය කාලයේ පිළිකාවක් හේතුවෙන් බොහෝ රෝගාතුර වූ විටත් ඇය මේ සාධුවරුන් වෙත ගියාය. තමා සනීප වුයේ බෙහෙත් බලයෙන් පමණක්ම නොවන බැව් ඇය කියන්නීය.

 

 2017-07-17-ent-45