ගීතා බසාර් දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන්
මෝස්තර නිරූපිකාවක් මෙන්ම බොලිවුඩ් නිළියක් ලෙස ජනප්‍රිය ගීතා බසාර් මේ වනවිට සිය දෙවැනි දරුවා බලපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි. ඇයට දෙවැනි දරුවා ලැබීමට දින නියම වී ඇත්තේ එළැඹෙන ජූලි මාසයේදීය. මේ වනවිට පස් හැවිරිදි දියණියක්ද සිටින ගීතා හිටපු ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්බජාන් සිංගේ බිරිඳද වෙයි.
මේ වනවිට හර්ජබජාන්ද ඉන්දීය චිත්‍රපට කර්මාන්තයට එක්ව සිටින අතර, ගීතාද එයට ඉතා සතුටුදායක ප්‍රතිචාර දක්වා තිබෙන බව වාර්තා වෙයි. හර්බජාන්ට හොඳට රඟපාන්න පුළුවන්. අපරාදේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගත්තේ යැයි ඇය මැතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණී.