ගීත ගයන්න හිතුවේ නැති ලුලීයා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-26-ent-02

2018-06-26-ent-03සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ගේ වර්තමාන පෙම්වතිය ලෙස බොහෝ දෙනා හඳුන්වන රුමේනියානු රූපවිහිනි නිවේදිකා ලුලීයා වැන්තර් මේ වනවිට බොලිවුඩ් ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගීත ගායිකාවක් බවට පත්ව සිටියි. ඒ පිළිබඳව පසුගියදා ‘කොයිමෝයි’ වෙඩ් අඩවිය කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ තමා කිසිදාක ගීත ගායනයට යොමුවීමට බලාපොරොත්තු නොවූ බවය.

‘මම දන්නේ නැහැ මට ගීත කියන්න පුළුවන්ද කියලා. නමුත්, මම දැනට චිත්‍රපට කිහිපයකම පසුබිම් ගීත ගායනා කරලා තියෙනවා. හොඳ රසික ප්‍රතිචාරත් ඒ ගීතවලට ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේක මගේ සැඟවිලා තිබුණ දක්ෂතාවයක්. ඒ දක්ෂතාවය හොඳින් තේරුම් අරන් මාව මේ තැනට ගෙනාවේ සල්මාන්. ඔහුට මේ වෙලාවේදී මගේ ස්තුතිය පිරිනමන්න අවශ්‍යයි.’

ලුලීයා ඉදිරියේදී ප්‍රදර්ශනය වීමට නියමිත ඩියොල් පවුලේ නිෂ්පාදනයක් වූ ‘යම්ලා පග්ලා දිවානා ෆර් සේ’ චිත්‍රපටයේද ගීතයක් සඳහා සිය හඬ ලබාදී ඇත.