ගාල් ගැඩොඩ්ව සම්මාන උලෙළේදී අයින් කරලා
පසුගිය සති කිහිපය තුළ හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්‍ෂවරුන් කිහිපදෙනකුටම ලිංගික අපචාර චෝදනා එල්ල වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ චෝදනා ඇරඹුණේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ චිත්‍රාගාර හිමියකු වන හාර්වේ වින්ස්ටීන් ගෙනි. ඔහු ජනප්‍රිය නිළියන් කිහිපදෙනකුටම අතවර කර ඇතැයි චෝදනා එල්ල වූ බව සඳහන් වේ. ඊට අමතරව මෙවැනි බරපතළ චෝදනාවක් ලැබුවේ චිත්‍රපට අධ්‍යක්ෂක බ්‍රෙට් රැට්නර්ය. ඒ ආකාරයෙන් ලිංගික අපචාර චෝදනා එල්ල වූ අධ්‍යක්ෂකවරයෙක් වන ජේමිස් ටොබැක් සහ බ්‍රෙට් එක්ව ඔවුනට එල්ල වන මෙම චෝදනා හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ප්‍රකාශකයෙන් පමණ නතර නොවූ මොවුන් පසුගිය දිනෙක ක්‍රියාවෙන් පළිගැනීම ආරම්භ කළේය. ඒ බොහෝ දෙනෙකු ආදරය කරන ගාල් ගෙනි. සුප්‍රසිද්ධ නිළි ගාල් ගැඩෝඩ්ද බ්‍රෙට් ඇතුළු අපචාර චෝදනා ලත් අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව ප්‍රකාශ නිකුත් කර තිබුණි. ඒ හේතුවෙන් පසුගියදා පැවති සම්මාන උලෙළකට ඇයට සහභාගී වීමට ඉඩ ලබා නොදී තිබුණි. එම සම්මාන උලෙළේදී අධ්‍යක්‍ෂ බ්‍රෙට් රැට්නර්ට ‘ට්‍රී ඔෆ් ලයිෆ්’ නම් වූ සම්මානය පිරිනැමීමට නියමිතව තිබුණේ ගාල් ගැඩොඩ් අතින් බවයි සඳහන් වන්නේ.