ග්විනේට් පැල්ට්රෝ පළමු විවාහ සංවත්සරය
‘අයන් මෑන්’ චිත්‍රපට මාලාවේ ‘පේපර් පොට්ස්’ ලෙස රංගනයෙන් දායක වූ ග්විනේට් පැල්ට්රෝ හා ඇමරිකානු ටෙලි නාට්‍යය නිෂ්පාදක හා අධ්‍යක්ෂවරයෙකු ලෙස ජනප්‍රිය බ්‍රැඩ් ෆල්චුක් ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරය පසුගිය සති අන්තයේදී සමරනු ලැබීය. ග්විනේට්ගේ දෙවැනි විවාහක සැමියා වන බ්‍රැඩ් සමගින් පසුගිය වසරේ සැප්තැම්බර් 29 වැනිදා විවාහ වී ඇත. බ්රැඩ්ද මීට පෙර විවාහ වී ඇති අතර, ඒ ජනප්‍රිය ඇමෙරිකානු නිළියක් වන සූසෑන් බ්රකින් සමගය. ඒ 1994 වසරේදී. ඔවුන් දෙදෙනා 2003 වසරේදී දික්කසාද වී ඇත. ග්විනේට් මීට පෙර ජනප්‍රිය පොප් ගායකයෙකු වු ක්‍රිස් මාටින් සමග විවාහ වී සිටියහ.