ගංවතුරෙන් පීඩා වූවන්ට හොලිවුඩ් නළු නිළියන්ගෙන් බිලියන ගණනින් ආධාර
පසුගිය කාලයේ ඉතා දුක්ඛිත සිදුවීමක් වූ ඇමෙරිකාවේ ගංවතුර උවදුරේ උණුසුම තවමත් පහව ගොස් නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ලොව බලවත්ම රට වුවත් මෙවැනි ආපදා තත්ත්වයන් වලදී විපතට පත්වන ජනතාව සඳහා සහන සැලසීමට එරට රජයට පමණක් හැකියාවක් නොමැති බව බොහෝදෙනෙකු දන්නා කරුණකි. මේ කාරණාව පිළිබඳ දන්නා පිරිසක් මෙම අසරණ වූවන් වෙනුවෙන් මූලික වී තිබේ. ඒ හොලිවුඩ් පුරවරයේ සිනමා නළු නිළියන් පිරිසකි. මෙහි මූලිකත්වය ගෙන ඇත්තේ හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ විසිනි. ඔහුගේ පදනම යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියනයක් මෙම ගංවතුරෙන් අනාථ වූවන්ට ලබා දී තිබේ. මෙවැනි ආධාරයක් ලබාදීම පිළිබඳව ඇමෙරිකාවේ ස්වේච්ඡා සංවිධාන ලියනාඩෝට ප්‍රශංසාව පුදකර තිබේ. මීට අමතරව හොලිවුඩ් නිළි සැන්ඩ්‍රා බුලොක් ඩොලර් මිලියනයක්ද, කිම් කාර්ඩිෂන් විසින් ඩොලර් ලක්ෂ 05ක්ද පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.