ගංවතුරින් අනාථවූවන්ට ජැකලින්ගෙන් ලක්ෂ 50ක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-12-31-ent-36

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පසුගියදා ඇති වූ ගංවතුරෙන් විශාල පිරිසක් අවතැන් වූවා. ඔවුන්ගේ නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වූ බවත් සඳහන් වෙයි. හානියට පත්වූ නිවාස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී. බොලිවුඩ් සරාගී නිළි ජැකලින් ෆර්නැන්ඩස් කේරළයට ගොස් එම වැඩකටයුතු සහය දෙන බවත් ඉන්දියානු මාධ්‍ය පවසයි. මෙම කාර්යයට දායකත්වයක් දක්වන්නේ ඇමරිකාවේ ජෝජියා ප්‍රාන්තයේ ‘හැබිටාට් ෆෝ හියුමැනිටි’ සංවිධානය බවත් සඳහන් වෙයි. ජැකලින් සහය දක්වන්නේ එම වැඩසටහන යටතේ ක්‍රියත්මක වන ප්‍රදේශයල ඉදිකෙරෙන නිවාස සඳහාය. එමෙන්ම ඇය විසින් අසරණ ජනතාව වෙනුවෙන් කටයුතු කරන ස්වේච්ඡා සේවකයන්ට අවහ්‍ය දේ ලබා දීමට ඇය විසින් රු. ලක්ෂ 50ක්ද පරිත්‍යාග කර තිබේ.

 

2018-12-31-ent-35