කෝලි පරාජය වුණේ අනුෂ්කා හින්දලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සැමියා ජයග්‍රහණය ලබද්දී එහි කීර්තියෙන් මෙන්ම ඔහු පරාජය වෙද්දී අපකීර්තියෙන් කොටසක් ද බිරිඳට ලැබීම ස්වභාවිකය. බිරිඳත් සැමියාත් දෙදෙනාම එක සේ ජනප්‍රිය වූ කල මේ තත්වය වඩාත් වැඩි වන්නේය. අනුෂ්කා ශර්මාටත් මේ දිනවල සැමියාගේ පරාජය වෙනුවෙන් අවමන් විඳින්නට සිදු වී තිබේ. 
ඇගේ සැමියා විරාත් කෝලි මේ දිනවල ක්‍රිකට් තරඟාවලියකට සහභාගි වෙමින් ඕස්ට්‍රේලියාවේ සිටින්නේය. පසු ගියදා ඉන්දියා කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අතර ඇඩිලේඞ්හි පැවති ප්‍රථම ටෙස්ට් තරඟයේදී ලකුණු සියලු දෙනා දැවී ලකුණු 36 ක් පමණක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වෙන්නට ඉන්දීය කණ්ඩායමට සිදු වූයේය. ටෙස්ට් තරඟාවලියකදී ඉන්දියාව අවම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ප්‍රථම අවස්ථාව එය වූයේය. ඉන්දියා ක්‍රිකට් ලෝලීහු සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් කණ්ඩායම තරයේ විවේචනය කළහ. ඔවුන්ගේ වැඩිම දෝෂාරෝපණය එල්ල වූයේ නායක විරාත් කෝලිටය. ඔහු නිවැරදිව කණ්ඩායම තෝරා නොගත් බැව් සමහරු පැවසූහ. සමහරු කීවේ අනුෂ්කා මවක් වෙන්නට ඔන්නමෙන්න තත්වයේ සිටින බැවින් වහා ගෙදර යාමේ වුවමනාව නිසා ඔහු එලෙස ඉක්මණින් තරඟය නිමා කළ බවය. 
“මේ සේරටම වැරදිකාරි අනුෂ්කා.. එයා කෝලිට බල කරනවා දරුවා ලැබෙන වෙලාවට ළඟ ඉන්න එන්න කියලා.. ඒ පීඩනය කෝලිට නරක විදියට බලපාලා තියෙනවා..”
සමහර ක්‍රිකට් ලෝලීන් එසේ ඇයට දොස් පවරද්දී මධ්‍යස්ථව සියල්ල දෙස බලන්නට පුරුදු වී සිටින අය පැවසුවේ තරඟ පරාජය වෙනුවෙන් අනුෂ්කාට දොස් පැවරීම අසාධාරණ ක්‍රියාවක් බවය. 
අනුෂ්කා හා කෝලි සිය තෙවන විවාහ සංවත්සරය සැමරුවේත් දෙසැම්බර් මාසයේදීය. ඔවුන් එකිනෙකා වෙනුවෙන් ලියන ලද පණිවිඩ සමාජ මාධ්‍ය ජාලාවලට එක් කර තිබිණි. 
“අපේ තුන් වෙනි විවාහ සංවත්සරය.. ඉක්මනින්ම අපි දෙන්නා තුන් දෙනෙක් වෙනවා..”  
ඒ පණිවිඩවල ගැබ්ව තිබුණේ එම අදහසය. 

20210109Virat-1