කෝටි සියයක් ඉපෑයූ තුන්වැනි චිත්‍රපටය
මේ වනවිට තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් ඉන්දීය රූපියල් කෝටි 100ක ආදායමක් උපයාගත් තුන්වැනි චිත්‍රපටය බවපෙත් වන්නට සෝයා අක්තාර්ගේ ‘ගල්ලි බෝයි’ චිත්‍රපටය සමත්ව ඇත. රන්වීර් සිං හා ආලියා භාට් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය පසුගිය පෙබරවාරි 09 වැනිදා ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ විය.
‘ගල්ලි බෝයි’ රන්විර් මෙන්ම ආලියාද මේ වසරේ රංගනයෙන් දායක වන දෙවැනි චිත්‍රපටය වීම විශේෂත්වයකි. එමෙන්ම ආලියා මෙම චිත්‍රපටයට පෙර රංගනයෙන් දායක වූ ‘රාසී’ මෙන්ම රන්විර් දායක වූ ‘සිම්බා’ චිත්‍රපටයද ආදායම් උපයාගැනිම අතින් ඉහළ සාර්ථකත්වයක් හිමි කර ගැනීමටද සමත් විය. ‘ගල්ලි බෝයි’ චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 140ක් බව සඳහන් වේ. මෙම චිත්‍රපටයට පෙර මේ වසරේ තිරගත වූ විකී කෞශාල්ගේ ‘යූරි’ හා කංගනාගේ ‘මනිකර්ණිකා’ චිත්‍රපට ඉන්දීය රුපියල් කෝටි සයයිට වැඩි ආදායමක් උපයා ගැනිමට සමත් විය.