කෝටි සියය ඉක්මවන සල්මාන්ගේ මිළඟ චිත්‍රපටය
සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක් මේ වනවිට අති සාර්ථකව ඉන්දියාවේ ප්‍රදර්ශනය වෙයි. ප්‍රභුදේවා අධ්‍යක්ෂනය කරන ‘ඩබාන්ග්’ තුන්වැන්න සල්මාන් පෙනී සිටින අලුත්ම චිත්‍රපටය වන අතර, එය මේ වනවිටත් සාර්ථක ආදායමක් උපයා ගනිමින් සිටියි.
සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටයද ඉන්දීය රුපියල් කෝටි 100ක සීමාව පහසුවෙන් පසුකරන සල්මාන්ගේ මිළිඟ චිත්‍රපටය වනු ඇති බවය. දෙසැම්බර් 20 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටය මංගල දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 24.5ක මුදලක් උපයාගන්නට සමත් විය. එමෙන්ම දින තුනක් ගෙවෙද්දි ඉන්දීය රුපියල් කෝටි 50 සීමාවද ඉක්මවා යන්නට මෙම චිත්‍රපටය සමත්ව ඇත.