කෝටි 300ක් වැය කරමින් තැනුණ චිත්‍රපටය ප්‍රදර්ශනයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-16-ent-161

ඉන්දීය රුපියල් කෝටි 300ක් වියදම් කරමින් තැනුණ විජය කිෂ්ණන් ආචාරියාගේ ‘තග්ස් ඔෆ් හින්දුස්තානි’ චිත්‍රපටය එළැඹෙන නොවැම්බර් 08 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කරමින් ඇත. 1975 වසරේදී ඉන්දියාවේ සිදුවු වීර කතාවක් පදනම් කරගෙන නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත කිහිපයක් තිබේ.

අමිතාබ් බච්චන් ‘අසාඩ්’ ලෙස චරිත මවන අතර, අමිර් ඛාන් ‘ෆිරාන්ගී’ ලෙස රංගනයේ යෙදේ. ෆාතිමා සානා ‘සෆිරා’ ලෙසත් රංගනයෙන් දායක වෙයි. සුපිරි නිළි කත්‍රිනා කයිෆ් නාට්‍යාංගනාවියක් ලෙස රංගනයේ යෙදේ. සිනමා විචාරකයන් පවසන්නේ අමිර් ඛාන් මෙවර සිනමා සම්මාන උළෙලයන්වල හොඳම නළුවා වන්නට මෙම චරිතය හරහා අවස්ථාව උදා කරගනු ඇති බවය.