කෝකි තනතුරට නුසුදුසු වූ ජැකී ෂ්රොෆ්
හින්දි, දෙමළ, බෙංගාලි, ගුජරාටි, තෙළි`ගු, මලයාලම් ඇතුළු භාෂා එකොළහකින් නිර්මාණය වූ චිත‍්‍රපටි දෙසීයකට අධික ප‍්‍රමාණයක මේ වන විට ර`ග පා ඇති ජැකී ෂ්රොෆ් චිත‍්‍රපටි නළුවෙකු වෙන්නට සිහින දුටු අයෙකු නොවේ. ඔහු කෙදිනක හෝ ජනපි‍්‍රය අයෙකු වන බවට ජ්‍යෝතීර්වේදියෙකු වූ ඔහුගේ තාත්තා නම් අනාවැකි කීවේය.
දකුණු මුම්බායි හි ටීන් බට්ටි නම් අප‍්‍රකට ප‍්‍රදේශයේ උපත ලද ජැකී ගේ නියම නම ජායි කි‍්‍රෂාන් කාකුබායි ෂ්රොෆ්ය. ජැකී යනුවෙන් ඔහු හ`දුන්වන්නට පටන් ගත්තේ ඔහුගේ පාසැල් මිතුරෙකි. ඒ නම තමාට වාසනාව ගෙනා බැව් ජැකී කියන්නේය.
‘‘මම කවදා හරි දවසක නළුවෙක් වෙනවා කියලා මගේ තාත්තා කියනකොට මම හිනා වුණා.. ටීන් බට්ටි වගේ පළාතක ජිවත් වෙන මම කොහොමද නළුවෙක් වෙන්නෙ කියලා මම ඇහැව්වා.. අපි හිටියෙ අඩි තිහයි තිහේ පුංචි කාමරේක.. නිදා ගත්තෙ බිම.. වැසිකිළියට යන්න පෝලිමේ ඉන්න ඕන.. සල්ලි නැති හින්දා මම එකොළහ වසරෙන් පස්සෙ ඉස්කෝලේ යන එක නැවැත්තුවා . එදා ඉ`දලම රස්සා හෙව්වා.. මට ඕන වුණේ ඒ දුෂ්කර ජීවිතයෙන් ටිකක් හරි මිදෙන්න විතරයි.. එක සැරයක් හෝටලේකට ගියා කෝකියෙක් වෙන්න පුළුවන් ද බලන්න.. ඒත් මාව ගත්තෙ නෑ.. තවත් සැරයක් ගියා ගුවන් සේවකයෙක් වෙන්න.. ඒකත් හරි ගියෙ නෑ.. ඊට පස්සෙ සංචාරක සමාගමක වැඩ කළා.. එක දවසක් බස් නැවතුම් පොළකදී මාව දැක්ක දැන්වීම් ආයතනයක කෙනෙක් මගෙන් ඇහැව්වා වෙළෙ`ද දැන්වීමක ඉන්න කැමති ද කියලා.. මම කැමතියි කිව්වා.. දිවා ආහාර විවේකයේදි ඒකෙ ෆොටෝ ෂූට් එකකට ගියා..’’
සිය නළු වෘත්තියට අඩිතාලම වැටුණ ආකාරය විස්තර කරමින් ජැකී පැවසුවේය.
සුව`ද විලවුන් දැන්වීමක් ස`දහා ජැකී තෝරා ගනු ලැබිණි. ඒ දැන්වීම දුටු දේව් ආන්න්ද් ඔහුගේ ස්වාමි දාදා චිත‍්‍රපටියේ ර`ග පාන්නට ජැකීට අවස්ථාව ලබා දුන්නේය. ඉනික්බිතිව සුභාෂ් ගයි ඔහුගේ හීරෝ චිත‍්‍රපටයේ මීනාක්ෂි ශේසාද්රි සම`ග ර`ග පාන්නට ජැකි තෝරා ගත්තේ නමේ විශේෂත්වයත් මත බැව් ඔහු දැන ගත්තේ පසුවය. එය බොහෝ සාර්ථක චිත‍්‍රපටියක් වු බැවින් ඔහුට තවත් චිත‍්‍රපටි ලැබෙන්නට පටන් ගත්තේය.
‘‘ඒත් මම හිතුවෙ නෑ මම ජනපි‍්‍රයයි කියලා.. ඒක දැන ගන්න මට උදව් කළේ අමිතාබ් බච්චන්..’’
මේ 63 හැවිරිදි නළුවා කියන්නේය.
‘‘එතකොට මම හිටියෙ චෙන්නායිවල රූගත කිරීමකට ගිහින්.. අපි හිටිය හෝටලේ උඩම මහල අමිතාබ් බච්චන් එයාගෙ පවුලෙ අය වෙනුවෙන් වෙන් කරගෙන තිබුණා.. අමිතාබ් ඒ හෝටලේම ඉන්නවා කියන එක මට අදහා ගන්න බැරි වුණා.. මම වේටර්ගෙන් ඇහැව්වා එයා පහළට එන්නෙ කොයි වෙලාවෙ ද කියලා.. මට එයත් එක්ක වචනයක් දෙකක් කතා කරන්න පුදුම ආසාවක් තිබුණෙ.. ඒත් මෙන්න හිටි හැටියෙම අමිතාබ් ගේ දරුවෝ සමරු පොතක් ගෙනත් මට කියලා අත්සන් කරවා ගත්තා.. මට දැනුණෙ පුදුම සතුටක්.. මම ජනපි‍්‍රයයි කියලා මම දැන ගත්තෙ ඒ වෙලාවෙ තමයි..’’ ඔහු කීවේය.
සෑහෙන කලක් පෙම් බැ`දි අයෙෂා දත් සම`ග විවාහ වී සිටින ජැකීට දරුවන් දෙදෙනෙකි. පුතු ටයිගර් ෂ්රොෆ් තාත්තාගේ අඩි පාරේ යමින් මේ වන විටත් ජනපි‍්‍රය නළුවෙකු වි සිටින අතර දියණිය කි‍්‍රෂ්ණා ර`ග පාන්නේ නැත.