‘කොවිඩ්’ වෙනුවෙන් අරමුදලක් පිහිටවූ ටිවින්කල්
සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර්ගේ බිරිඳ ටිවින්කල් ඛාන් මේ වනවිට ‘කොවිඩ්’ අරමුදලක් පිහිටුවා ඇත. ‘හෙල්ප් ඉන්දියා’ නමින් ආරම්භ කළ ඇති මෙම අරමුදල් එකතු කිරිමේ පදනමේ මුලික ඉලක්කය ඉන්දීය රුපියල් කෝටි 5ක මුදලක් සෙවිම බව ඇය පවසයි. මේ වනවිට එම මුදලට ආසන්න වෙමින් සිටින බවද ටිවින්කල් සිය සමාජ පිටු අතරේ සඳහන් කරද තිබුණි.
කෙසේ වෙතත්, මේ වනවිට ටිවින්කල් හා ආක්ෂේ කුමාර් දෙදෙනා විසින් ඉන්දීය රජයට ‘කොවිඩ්’ වසංගතය වෙනුවෙන් අවතැන් වූ ඉන්දීය ජනතාවට සහන සැළසිමට ඉන්දීය රුපියල් කෝටි 2.5ක මුදලක්ද පරිත්‍යග කර තිබේ.