කොවිඩ්’ වසංගතය වෙනුවෙන් සහෝදරයන් දුන් පරිත්‍යාගය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සුපිරි සිනමා තරු ද්විත්වයක් වෙන සූර්යා හා කාර්තික් දෙදෙනා සිය පෞද්ගලික ධනයෙන් ඉන්දීය රුපියල් කෝටිහක මුදලක් ‘කොව්ඩ්’ අරමුදලට පරිත්‍යාග කොට ඇතැයි වාර්තා වෙයි. ඔවුන් මෙම රුපියල් කෝටියක මුදල ලබාදී ඇත්තේ තමිල්නාඩුවට තේරි පත් වූ අලුත් මහා ඇමතිවරයා වන එම්.කේ ස්ටාලින්ටය.

මහා ඇමති තනතුරට පත්ව එහි වැඩ කටුයුතු ආරම්භ කළ දිනයේදී කාර්තික් හා සූර්යා ඇතුළු තවත් දකුණු ඉන්දීය නළුනිළියන් කිහිප දෙනෙකුම ස්ටාලින් මුණ ගැසුණ අතර, එහිදි මෙම මුදල් පරිත්‍යාගය ඔවුන් විසින් සිදු කොට තිබුණ බවවාර්තා වෙයි. ස්ටාලින් යනු හිටපු තමිල්නාඩු මහා ඇමති කරුණානිධිගේ පුත්‍රයාද වෙයි.

20210515Surya-1