‘කොවිඩ්’ රැල්ල නිසා චිත්‍රපට ප්‍රදර්ශනය තවත් කල් යයි
ඉන්දියාවේ ආරම්භ වී ඇති ‘කොවිඩ්’ තෙවැන රැල්ල නිසා ලබන වසර මුලදී ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබු චිත්‍රපට කිහිපයක්ම සිය ප්‍රදර්ශනය මේ වනවිට නැවත වරක් අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි. ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබු චිත්‍රපට අතර, ඉහළ ආදායමක් උපයාගනු ඇතැයි බොහෝ දෙනෙකු මත පළ කළ ආක්ෂේ හා කත්‍රිනාගේ ‘සූර්යවංශි’ හා රන්විර් හා දිපිකාගේ ‘83’ චිත්‍රපටයද ඇතුළත්ව තිබේ.
මෙම චිත්‍රපට ද්විත්වයම මේ වසරේ මාර්තු මාසයේදී ප්‍රදර්ශනය කිරිමට සැළසුම් කර තිබුණ අතර, එය පසුව වසර අගදී ප්‍රදර්ශනය කරන්නටද නියමිතව තිබුණි. දැනට මෙම චිත්‍රපටය නිකුත් කරන දිනයක් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන් වෙයි.