‘කොවිඩ් 19’ අවදානම නොතකා ප්‍රිටි ඩුබායි යයි
මැද පෙරදිග රටවල සිග්‍රයෙන් ව්‍යාප්ත වෙන ‘කොවිඩ් 19’ වසංගතය ගැන නොසිතා හිටපු බොලිවුඩ් සිනමා නිළියක් වන ප්‍රිටි සින්ටා ඩුබයි නගරයට ගොස් තිබෙන බව වාර්තා වෙයි. ඒ ඇයගේ හිමිකාරිත්වයෙන් ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කරන ‘කිංග්ස් ඉලෙවන් පන්ජාබ්’ කණ්ඩායමට සහය දැක්වීමටය.
කෙසේ වෙතත්, තරගාවලිය ආරම්භයේදී ඇය විසින් පවසා තිබුණේ ‘කොවිඩ් 19’ වසංගතය නිසාවෙන් ඩුබායි හි පැවැත්වෙන ‘ඉන්දීය ප්‍රීමියර් ලීග්’ ක්‍රිකට් තරග නරඹන්නට සහභාගී නොවන බවය. පසුව ඇය තිරණය වෙනස් කර සිය පෞද්ගලික ගුවන් යානයකින් ඩුබායි නගරය කරා ගිය බව සඳහන් වෙයි.