‘කොව්ඩ්’ ආසාධීතයෙකු වූ සමිරා..
මේ වනවිට දෙදරු මවක් වන සිනමා නිළි සමිරා රෙඩ්ඩිට ‘කොවිඩ්’ රෝගය වැළඳී ඇතැයි වාර්තා වේ. ඒ පිළිබඳව ඇය මිට දින කිහිපයකට පෙර සිය සමාජ පිටු හරහා ප්‍රසිද්ධ කර තිබුණි. ඇය පවසන්නේ මේ වනවිට තමන් ඇතුළු පවුලේ සාමාජිකයන් සියලු දෙනා හයිද්ර්බාද්හි පිහිටි තම නිවසේ ස්වයං නිරෝධානය වෙමින් සිටින බවය.
දෙවියන්ගේ කරුණාවෙන් අපි සියලු දෙනාම බොහෝම ආරක්ෂාකාරිව නිරෝගීමත්ව සිටිනවා. මම හිතන්නේ ඒ ඔබලා සියලු දෙනාගෙන්ම මට ලැබුණ ආශිර්වාදය නිසා කියලා. මම වගේම ඔබත් ආරක්ෂිතව සිටින්න. ඒ වගේම සියලුම සෞඛ්‍ය නිති අනුගමනය කරන්න. යැයි ඇය මිලියන 5කට ආසන්න රසික පිරිසක් සිටින සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ සටහනක් තබා තිබුණි.