කොරෝනාවෙන් පිඩා විදින ඉන්දීය ජනතාව වෙනුවෙන් ජනප්‍රිය නළු අනිල් කපූර් කෝටියක මුදලක් පරිත්‍යාග කරයි
කොවිඩ් - 19, මාරාන්තික දෙවන රැල්ල සමඟ රට සටන් වදින විටදී ඉන්දීය සිනමා කර්මාන්තයේ ජනප්‍රිය පුද්ගලයන් ඒ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරමින් උපකාර කිරීමට එක් වී සිටිනවා. සහන සඳහා මේ වන විට ඔවුන් විශාල මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබෙනවා.
අනිල් කපූර් ද මන්කිරන්ඩ් ෆාමා නම් ඖෂධ සමාගම සමඟ එක්ව මහාරාෂ්ට්‍ර මහඇමති සහන අරමුදලට රුපියල් කෝටියක පරිත්‍යාගයක් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ. මෙය පමණක් නොව සන්නාම තානාපතිවරයකු ලෙස ඔහු සහ ඔහුගේ කණ්ඩායම විසින් මුම්බායි හි සියලුම පොලිස් නිලධාරීන්ට සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ ද බෙදා දෙන බවත් සඳහන්.
"මේ වන විට උදා වී තිබෙන්නේ පෙර නොවූ විරූ කාලයක් . එහිදී මෙවන් උදාර අරමුණක් සඳහා එක්වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා . සමාජයට හැකි උපරිමයෙන් සහයෝගය දැක්වීමට නිරතුරුවම ඉදිරිපත් වෙනවා " යැයි අනිල් කපූර් අදහස් දක්වමින් කියා තිබෙනවා. සෝනු සූද්, භූමි පද්නෙකර්, ප්‍රියංකා චොප්රා, අමිතාබ් බච්චන් සහ ට්වින්කල් ඛන්නා වැනි ජනප්‍රිය පුද්ගලයන් ද පීඩාවට පත් පුරවැසියන්ට උපකාර ලබා දීමට වෙහෙස මහන්සි වී කටයුතු කරන බවත් සඳහන්.