කොරෝනා හැදුණු බොලිවුඩ් නිලි තමන්නා ගැන පැවසු දේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ සිටින සුරුපිම මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් තමයි තමන්නා භාතියා කියන්නේ . ලොව පුරා  සීග්‍රයෙන් පැතිරුණු කොවිඩ් 19 වසංගතය ඇයටද වැළදීමත් සමඟ ඇය ඒ සදහා ප්‍රතිකාර ගත අතර මේ වන විට මුම්බායි හි පිහිටි තම නිවෙස වෙත පැමිණ තිබෙන බවට ඉන්දීය මාධ්‍ය අනාවරණය කරනවා . කෙසේවෙතත් තම රෝගය වැළදුණු ආකාරය මෙන්ම එයින් තමා  සුව වූ ආකාරය පිලිබදව ඇය පවසා තිබුණු අතර ඇය ප්‍රකාශය කල අදහස් කිහිපයක් තමයි මේ

" හයිද්‍රාබාද්හි  රූගත කිරීම් සිදු වූ එක් දිනකදී මට දැඩි ලෙස උණ වැළඳී තිබුනා . එබැවින්, පූර්වාරක්ෂාව වශයෙන්,  මම පරීක්‍ෂාවට ලක් කළා.  එය ධනාත්මක වූ අතර ඒ නිසා ඒ සදහා  හොඳම පිළියම රෝහල් ගත වීම බව මම තීරණය කළා එමෙන්ම නිරෝධායනයේ අවසන් දින කිහිපය තුළ, කොරෝනා වයිරසයට සම්බන්ධ සියලුම රෝග ලක්ෂණ මා අත්වින්දා . එනම් ඔක්සිජන් මට්ටම පහත වැටීම, හිසරදය, ශරීර කැක්කුම, උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ ව්‍යාකූල බවක් දැනීම වගේ දේවල් "

" ඒවගේම තමයි  වෛරසය විවිධ පුද්ගලයින්ට වෙනස් ලෙස බලපාන බව මම තේරුම් ගත්තා . මගේ හොඳ යෝග්‍යතා මට්ටම තිබියදීත් COVID-19 සමඟ මගේ සටන ඇත්තෙන්ම දුෂ්කර වුනා "

මේවන විට ඇය ඇගේ යෝග්‍යතාවය පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරමින් සිටින බවත්  පිරිපුන්  ආහාර වේලක් සදහාද වැඩි සැලකිල්ලක් දක්වන බවත් පවසා තිබුනා.  ඇය වැඩිදුරටත් පවසා තිබුනේ ඇය වැඩිපුර යෝගා කරන බවත් වැඩකටයුතු  නැවත ආරම්භ කිරීමට පෙර ඇයගේ ශක්තිය වැඩි කර ගැනීමට උත්සාහ කරන බවත්ය

කෙසේනමුත් අවසානයේ කොවිඩ් 19 රෝග සටනින් ජයගත් ඇය තම සුවතාවය පිලිබදව පවසා තිබුනේ මෙවන් අදහසක් .

"මට දැන් හොඳක් දැනෙනවා, නැවතත් සතියකින් මට හයිද්‍රාබාද්හි නැවත වැඩ ආරම්භ කිරීමට වුවමනායි . නිවසේ සිටියදී, මම සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීමට සහ විවේක ගැනීමට උත්සාහ කරනවා .  අසනීප තත්ත්වය මගේ ශක්තියට ගොදුරු වී ඇති බැවින්  යෝගා කිරීමෙන් මගේ ශරීර යෝග්‍යතා මට්ටම වැඩි  කර ගැනීමට උත්සහ දරනවා ” යනුවෙනි.