‘කොරෝනා’ වැළඳි ඇතැයි කනිකාට චෝදනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උළලේදී කිහිප වරක් හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාවට හිමි සම්මානය දිනා ඇති කනිකා කපූර්ට ‘කොරෝනා’ වයිරසය වැළඳි ඇතැයි වාර්තා වේ. මීට දින කිහිපයකට පෙර ඇය එංගලන්තයේ ලන්ඩන් නගරයේ පැවැති ප්‍රසංග කිහිපයක් සඳහා සහභාගි වි ඇති අතර. පසුව ඉන්දියාවට පැමිණ අවස්ථාවේදී සෞඛ්‍ය කණ්ඩායම් ඇයට නිරෝධායනය වෙන ලෙස උපදෙස් ලබාදී ඇත. එහෙත්,  කනිකා විසින් ඒවා ප්‍රතික්ෂේප කොට ප්‍රසිද්ධ රැස්වීම් කිහිපයක් සඳහාද සහභාගි වී ඇත.

කෙසේ වෙතත්, ඉන් පසුව ඇය ගෝවා නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින  විඩියෝ කිහිපයක්ම මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර ඇති අතර, ඉන් සඳහන් වන්නේ මේ වනවිටත් ඇය ‘කොරෝනා’ රේගයට ලක්ව ඇති බවය.  බොහෝ දෙනෙකු පවසන්නේ සෞඛ්‍ය උපදෙස් නොතකා කනිකා කටයුතු කර තිබීම ඉදිරියේදී භායනක තත්ත්වයක් ඇති වන්නට හේතුවක්ද වනු ඇති බවය.

20200411Kanika-1