‘කොරෝනා’ රෝගියෙකු නොවු රාධිකා
‘කොරෝනා’ වසංගතය නිසාවෙන් ඉන්දියාවේ සියලු නගර වසා දමා තිබෙන මොහොතක ඉන්දීය සිනමා නිළි රාධිකා අප්තේ පසුගියදා මුම්බායි නගරයේ පෞද්ගලික රෝහලක මුඛ ආවරණයක් පැළඳ සිටි ඡායාරූප කිහිපයක් ඉන්දීය පැපරාසි කැමරාවට හසුව තිබේ. මෙම ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබුණේ රාධිකාද ‘කොරෝනා’ රෝගයට මුහුණ දී සිටින්නෙකු බව සඳහන් කරමිනි. නමුදු ඇය මෙම ඡායාරූප සඳහා පිළිතුරක් ලබා දෙමින් පවසා තිබුණේ තමා සාමන්‍ය පරික්ෂණයක් සඳහා මුහුණදීමට එම පෞද්ගලික රෝහලට ගිය බවය. එමෙන්ම තමන් මේ වනවිටත් හොඳ සෞඛ්‍ය සුවයෙන් සිය නිවසේ ගත කරන බවද ඇය වැඩිදුරටත් පවසා තිබුණි.