කොරෝනා නිසා “ජේම්ස් බොන්ඩ්” ප්‍රදර්ශනය මාස 7කින් කල් යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතු කොටගෙන “ජේම්ස් බොන්ඩ්” සිනමාපටය එළිදැක්වීම මාස 7කින් කල් දැමීමට තීරණය කර තිබේ.

2020 අප්‍රේල් ප්‍රදර්ශනයට නියමිතව තිබු No Time To Die සිනමාපටයේ ප්‍රදර්ශනය එළඹෙන නොවැම්බර් දක්වා කල් දැමුවේ  “ගෝලීය සිනමා වෙළඳපොළ පිළිබඳව ගැඹුරු අධ්‍යනයකින් පසුව” බව යි නිෂ්පාදකවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

සිනමාපටය එළිදැක්වීම කල් දමන මෙන් ජේම්ස් බොන්ඩ් රසික පිරිසක් විසින් ඉල්ලා දින කිහිපයකට පසුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර යි.

ඒ අනුව No Time To Die, නොවැම්බර් 25 වැනිදා සිට ඇමරිකා එක්සත් ජනපදයේත් නොවැම්බර් 12 වැනිදා සිට එක්සත් රාජධානියේත් ප්‍රදර්ශනය ඇරඹෙනු ඇත.  

ජනප්‍රිය රංගන ශිල්පී ඩැනියල් ක්‍රේග්ගේ අවසන් ජේම්ස් බොන්ඩ් සිනමා රංගනය, මින්පෙර එළිදැක්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් 3 වැනිදා සිට ය.
 

20200403bond-1