‘කොරෝනා’ අස්සේ ආක්ෂේ වැඩ පටන් ගනියි
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් පසුගියදා නැවතත් සිය වෘත්තිය කටයුතු ආරම්භ කළ පුවතක් වාර්තා වේ. චිත්‍රපට රූපගත කිරිම් කටයුතු සඳහ එක්වීමට තවත් කාලයක් අවශ්‍ය බව පවසන ආක්ෂේ මෙසේ පසුගියදා එක්ව තිබුණ විනාඩි කිහිපයක් දිග හැරෙන වෙළෙඳ දැන්වීමක් සඳහා බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ආක්ෂේ මෙසේ දායකත්වය දී ඇත්තේ ඉන්දිය රජය විසින් ඉන්දීය ජනතාව ‘කොවිඩ්’ වසංගතය වෙනුවෙන් දැනුම්වත් කිරීමේ දැන්වීමක් සඳහාය. මෙය ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක ආර්. බල්කි විසින් අධ්‍යක්ෂණය කර තිබුණි.