‘කොරෝනා’ අස්සේ රිතික්ගේ ගෙදර උත්සවයක්
පසුගිය වසරේ තිරගත වූ ‘වෝර්’ හා ‘සුපර් 30’ චිත්රපට හරහා ඉහළ සාර්ථකත්වයක් හිමි කරගත් රිතික් රෝෂන්ගේ නිවසේදී පසුගිය මාර්තු 28 වැනිදා උපන්දින සාදයක් පවත්වා ඇත. ‘කොරෝනා’ වසංගතය නිසාවෙන් ඉන්දියාවේ සියලු නගර වසා දමා තිබුණ මොහොතෙක මෙම උපන්දින සාදය පැවැත්වීම විශේෂ සිදුවිමකි.
කෙසේ වෙතත්, මෙම උපන්දින සාදය පවත්වා තිබුණේ රිතික් හා සූසෑන්ගේ වැඩිමහල් දරුවා වන හර්හාවිට වයස අවුරුදු 14ක් සපිරිම නිමිත්තෙනි. කෙසේ වෙතත්, මෙම උපන්දින සාදයට රිතික් රෝෂන් සමග ඔහුගේ පවුල් මුල් සාමාජිකයන් හා සූසෑන් පමණක් එක්වූ බව සඳහන් වේ. රිතික් මෙම අවස්ථාවේ ගත් විඩියෝ පටයක් මේ වනවිට ඔහුගේ ‘ටිවිටර්’ ගිණුමට එක් කොට ඇත.