'කොමන්ඩෝ' දෙවැන්න භාෂා කිහිපයකින්
මාර්තු 03 වැනිදා බොලිවුඩ් සිනමාව තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘කොමන්ඩෝ’ 02 චිත්‍රපටය භාෂා කිහිපයකින් දෙබස් කවා තිරගත කරන්නට සැලසුම් කර තිබෙන බව සඳහන්. මේ අනුව හින්දි භාෂාවට අමතරව තෙළෙඟු, දමිළ, ඉංග්‍රීසි භාෂවෙන්ද මෙම චිත්‍රපටය හඬකවන්නට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. 2013 වසරේ තිරගත වූ ‘කොමන්ඩෝ’ චිත්‍රපටයේ මුල් කොටස මුදල් උපයා ගැනීම අතින් සාර්ථක වූ චිත්‍රපටයක්.
වසර 3කට පසුව එහි දෙවැනි කොටස නිර්මාණය කර ඇති අතර, මෙහි පළමු කොටසේ ප්‍රධාන චරිතය නිරූපණය කළ විද්‍යුත් ජම්වාල් මෙහිදීද ප්‍රධාන චරිතයෙන් දායක වීම විශේෂත්වයක්. ඊෂා ගුප්තා, ආදා ෂර්මා, අදිල් හුසෙන් මෙහි ඔහු සමගින් සෙසු චරිත සඳහා දායකවනවා.