කොමඩියක් වුණ ‘පග්ලාපන්ති’
හාස්‍යමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති ‘පග්ලාපන්ති’ චිත්‍රපටය පසුගිය නොවැම්බර් 22 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා තිරගත විය. අනීස් බස්මිගේ සිනමා අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය බුෂන් කුමාර් හා ක්‍රිෂන් කුමාර් දෙදෙනාගේ නිෂ්පාදනයකි.
අනිල් කපූර්, ජෝන් ඒබ්රිහිම්, ඉලේනා ඩී ක_ස්, අර්ෂාඩ් වාසී, උර්වෂි රවුටෙලා, පුල්කිට් සම්රාත්, ක්‍රිති කාබන්ඩා, සව්රබ් සුක්ලා, මුකේෂ් තිවාරි හා ඩොලී බ්‍රින්ද්‍රා මෙහි රංගනයෙන් දායක වෙයි. හැමවිටම පරාජයට පත්වෙන තරුණ මිනිසුන් තිදෙනෙක් තරුණියක් යාළු කර ගැනීමට දරණ උත්සාහයක් මෙම චිත්‍රපටයේ කතාමාලාවට ඇතුලත්ව තිබේ. එහිදි ඔවුන් මුහුණ දෙන විවිධ සිදුවිම් හාස්‍යයට මුසු කොට ඇත.
මේ වනවිට බොලිවුඩ් චිත්‍රපට දර්ශකයේ පෙරළිකරන චිත්‍රපටයක් වන ‘පග්ලාපන්ති’ ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 21ක ආදායමක් උපයාගැනීමට සමත්ව ඇත. එමෙන්ම විදේශයන්හි තිරගත වෙමින් මෙම චිත්‍රපටය තවත් ඉන්දීය රුපියල් කෝටි 18ක මුදලක් උපයාගෙන තිබේ.