‘කේසාරි’ කෝටි සියයක් දින හතකදී උපයයි
ආක්ෂේ කුමාර් හා පරිනිති චොප්රා රංගනයෙන් දායක වෙන ‘කේසාරි’ චිත්‍රපටය මේ වනවිට බොලිවුඩ් බොක්ස් ඔෆිස් සිනමා දර්ශකයේ පෙරළියක් ඇති කරන්නට සමත් චිත්‍රපටයක් බවට පත්ව ඇත. මාර්තු 21 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටය දින හතක් ගෙවෙද්දි සිට ආදායම් තත්ත්වය ඉන්දීය රුපියල් කෝටි 100ක් දක්වා වැඩි කර ගැනීමට සමත්ව ඇත.
‘කේසාරි’ ඉතා ඉක්මණින් ඉන්දීය රුපියල් කෝටි 100ක් උපයාගත් 27 වැනි චිත්‍රපටය බවට පත්ව ඇත. මේ වසරෙ තිරගත වූ ‘යූරි’, ‘ටෝටල් දමාල්’ හා ‘ගුල්ලු බෝයි’ චිත්‍රපටවලට වඩා ඉක්මණින් ඉන්දීය රුපියල් කෝටි 100ක් උපයාගන්නට ‘කේසාරි’ සමත්ව තිබීම විශේෂත්වයකි.